
Citizen.lk News
June 22, 2025 at 09:07 AM
🟠 *“සියලු පාසල් ආවරණය වන පරිදි සම්පත් බෙදීයාම සහතික කරන්න ඩිජිටල් ඉගෙනුම් ක්‍රම හඳුන්වාදිය යුතුයි”- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය*
සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හදුන්වා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අමාත්‍ය මණ්ඩල තීරණයකින් පත් කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පරිවර්තනය (6-13 ශ්‍රේණි) සඳහා වන කාර්ය සාධක බලකාය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර ජුනි 20 වන දින පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා.
අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඊට අදාළ අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.
මෙහි දී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,
“ජාතික සහ පළාත් පාසල් දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරු හිඟය විසඳීම ඉතාමත් කඩිනමින් සිදුකළ යුතුයි.
ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස හය තුළ ඉගෙනුම් පරතරය අවම කර ගැනීම සඳහා පවතින සම්පත් උපයෝගී කර ගනිමින් ඩිජිටල් ඉගෙනුම් ක්‍රම හඳුන්වා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා.
මෙම කාර්ය සාධක බලකායේ ප්‍රධාන අරමුණු අතර ආබාධිත ප්‍රජාව සහ සියලු පාසල් සඳහා සමාන ලෙස පහසුකම් බෙදා හැරීම සහතික කිරීමත් ඇතුලත් වෙනවා. ඒ සඳහා බහුවිධ අංශ නියෝජනය කරන ශක්තිමත් කාර්ය සාධක බලකායක් අපිට අවශ්‍යයි ''
කාර්ය සාධක බළකායේ නිලධාරීන් වෙනුවෙන් පත්වීම් ලිපි මෙහි දී ප්‍රදානය කළ අතර සභාපති ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි පත්කර තිබෙනවා.
මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, නලින් හේවගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ධනපාල යන පිරිස සහ කාර්ය සාධක බළකායේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.22*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

❤️
👍
2