
Story නිම්නය....✍️❤️📖
June 19, 2025 at 01:59 AM
🌼💛....දිව්‍යා....💛🌼
Episode 25
🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼
ඇතුලට ගියපු ගමන් මම සාලෙ පුරාම ඇස් යැව්වෙ තියෙන පිලිවෙල බලන්න... මම වටපිට බැලුවෙ කවුද ඉන්නෙ බලන්න... ඒත් අර වයසක සීයා ඇරෙන්නෙ පේන්න කවුරුත් හිටියෙ නැති වෙද්දි මම සතීෂ් අයියගෙන් ඇහුවෙ...
" අයියේ... ගෙදර අය කෝ... "
සතීෂ් අයියගෙ මූණ හරි ඉක්මනට වෙනස් වෙද්දි මට හිතුනෙ මම වැරදි දෙයක්වත් ඇහුවද කියලා.... සතීෂ් අයියට තිබුනෙ දුක් උන මූනක් ඒ වෙලාවෙ... ඒ ඇස් මාලානික වෙද්දි සතීෂ් අයියා මගෙ දිහා බලලා කිව්වෙ...
" ලොකු කතාවක් තියෙනවා දිව්‍යා... මම ඔයාට කියන්නම්කො... ඊට කලින් මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනෙ.. "
" මොකක්ද අයියෙ උදව්ව.. "
මම සතීෂ් අයියා දිහා බලලා ඇහුවම එයා කිව්වෙ...
" අද මගෙ හොදම යාලුවෙක් එනවා මෙහෙ... එයාගෙ වයිෆ් එක්ක බබාලා දෙන්නත් එනවා කිව්වා...
දිව්‍යා එයාලා එද්දි මට විතරක් මෙහෙ ඉන්න බෑ කියලා හිතුනා... ඒකයි මම ඔයාව එකතු කරන් ආවෙ.. සොරි කියන්නෙ නැතුව මෙහෙම දෙයක් කලාට... "
සතීෂ් අයියා කම්පා උන ස්වරූපෙන් මගෙ දිහා බලන් එහෙම කියන කොට මගෙ මොලේ මගෙන් ප්‍රශ්න කෝටියක් විතර ඇහුවා... ඒත් හැමදේම පස්සෙ සතීෂ් අයියගෙන්ම දැන ගන්නවා කියලා හිතාන මම ඒ දේට කැමති උනේ.. ඇත්තටම එහෙම කට්ටියක් එනකොට තනියම ඉන්න බැරි බව මටත් තේරුන නිසා...
" හරි අයියෙ... අපි දැන් මොනවද කරන්න ඕනෙ..
එයාලා ගොඩක් වෙලා ඉන්නවද... "
" එයාලා එක විතර වෙද්දි එන්නම් කිව්වා... දවල් කෑම මම මෙහෙන් දෙන්නම් කියලා කෝල් කරද්දි කිව්වෙ... ඒත් උයාගන්න විදිහක් තමයි නැත්තෙ... "
" බඩු තියෙනවනම් මම පුලුවන් දෙයක් ඉක්මනට හදන්නම් අයියෙ... තාම අට වෙලත් නෑ නේ... එක වෙද්දි අපිට මොනව හරි උයා ගන්න පුලුවන් වෙයි.. "
මම දැක්කා ඒ ඇස් සතුටින් දිලිසෙනවා... කටපුරා හිනා වෙලා හිටපු සතීෂ් අයියගෙ ඒ හිනාව මැකිලා ගිහින් ආයෙත් මූන අකුලගෙන මගෙ දිහා බලලා ඇහුවෙ...
" දිව්යට මන් නිසා කරදරයි නේ... ජොබ් එකට අමතර වැඩත් කරන්න වෙලා.. "
මම සියුම් රැවිල්ලක් එක්ක එයා දිහා බලන් කිව්වෙ...
" මම කිව්වෙ නෑ නේ අයියෙ මට කරදරයි කියලා.. අනික අයියා මට පිට කෙනෙක් නෙවෙයි... "
මේන් මේ මනුස්සයා හයියෙන් හිනා වෙනවා...
" මාර කේන්තිකාරියක්නෙ දිව්‍යා ඔයා.. කියවිල්ල බලන් එපැයි... "
මම ගස්සලා අහක බලා ගත්තම සතීෂ් අයියා මගෙ ලගට ඇවිත් මගෙ අත අල්ල ගත්තා... අනිත් අතින් මගෙ අත අතගාන ගමන් එයා කිව්වෙ....
" කුස්සියෙ ඕනෙ දේවල් තියෙනවා... අඩුවක් උනොත් මම ඉක්මනට ගෙනත් දෙන්නම්... එහෙනම් අපි දෙන්නම එකතු වෙලා එයාලට ලන්ච් එක රෙඩී කරමුද.. "
" හ්ම්ම්... යමු එහෙනම් කිචන් එකට... "
කිචන් එකට ගිහින් බැලුවෙ ඒකත් මාර ලස්සනයි... ඒ වගේම පිලිවෙලයි... මම ෆ්‍රිජ් එක ඇරලා බැලුවම ඕනෙ කරන ගොඩක් දේවල් තිබුනා ලන්ච් එක රෙඩී කරන්න....
මුලින්ම
එලවලු ටිකක් අරගෙන සෝදලා සතීෂ් අයියට දුන්නෙ කපන්න කියලා... පොඩි බබාලත් එනවා කියපු නිසා එලවලු බත් එකක් හදන එක හොදයි නේ....
සතීෂ් අයියා එලවලු කපනකන් මම චිකන් කෑලි ටික සෝද ගන්න ගමන්ම ටිකක් සුද්ධ කලා.. ඒවා කෑලි වලට කපලා තිබුන නිසා කපන්න ඕන උනේ නෑ....
උයන අතරතුරත් අපි දෙන්න පොඩි කතාවක් දාගෙන හිටියෙ සතීෂ් අයියා මගෙන් නොයෙකුත් ප්‍රශ්න අහද්දි.....
-------------------------------------------------------------------
දිව්‍යා කැමති කරගෙන කිචන් එකට ආවෙ ලන්ච් එක රෙඩී කරන්න... මගෙ හිත පිරිලා වගේ... පාලු ගේ එලිය වෙලා වගේ හැගීමක් තිබුනෙ... ගෑණු අතකින් හදපු කෑම ටිකක් කාපු කාලයක් මතක නෑ.... මම දිව්‍යා එක්ක උයන්න එකතු උනේ මගෙ හිත සතුටින් උඩ පනිද්දි.... කම්මැලිකම යන්නත් එක්ක මම එයා එක්ක කතාවක් දාගෙන හිටියෙ දිව්‍යා හිනා වෙවී මගෙ ප්‍රශ්න වලට උත්තර දෙද්දි...
" ඔෆිස් එක කොහොමද දිව්‍යා... "
" හොදයි අයියෙ වරදක් නෑ... "
" ගොඩක් පින් දිව්‍යා ඇත්තටම මේ කරන උදව්වට "
" අනේ පින් මොකටද අයියෙ... අයියා මට කොයි තරම් උදව් කරලා තියෙනවද... "
ටික වෙලාවක් කතා කර කර ඉන්න කොට කතාවෙ සිහියෙන් හිටපු මට පිහියෙන් මගෙ අත කැපෙනම් හොයා ගන්න බැරි උනා... කොහෙද ඒ ඇස් දිහා බලන් ඉන්න කොට ඉන්නෙ කොහෙද කියලවත් මතක නෑ නේ මට....
" ආව්...."
මට කෑ ගැස්සුනේ මගෙ දකුණු අතේ දබර ඇගිල්ල පිහියට තද වෙද්දි...
" සතීෂ් අයියෙ මොකද උනේ.. "
දිව්‍යා ඉක්මනට මගෙ ලගට ඇවිත් බැලුවෙ මොකද උනේ කියලා...
" දෙයියනේ අත කපා ගෙනනේ මේ මනුස්සයා....."
එහෙම කියපු දිව්‍යා එයාගෙ සාරිපට අරගෙන......
🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼💛🌼
මතු සම්බන්ධයි.
🚫 කර්තෘ අයිතිය සුරකින්න.
මම
Chamu...🌼
-----------------------------------------
පොඩි එපියක් හොදේ... 😇🤗
අදට කියවන්න.... 🌝👍
රියැක්ට් කමෙන්ට් කරන්න හොද ලමයිනේ ඔයාලා... 💛🧡💙
ගිහින් එන්නම්.. 👍👍🌝
ආදරෙයි හැමෝටම.. ❤️❤️
❤️
♥
❤
💞
29