
Story නිම්නය....✍️❤️📖
June 19, 2025 at 02:00 AM
*💞✨ Underworld Love ✨💞*
.... නපුරෙකුගේ සිත වසඟ කළ දඟකාරිය....
Episode 12💐
එකපාරටම යශ් ගාවට ආවේ මැදි වයසේ ගැහැනු කෙනෙක්..
ඒ ගෑණු කෙනා යශ් ගාවට ආව ගමන් ම යශ් ඒ ගෑණු කෙනාව බදාගත්තා..
ඒත් මන් කල්පනා කරේ කවුද මේ ගෑණු කෙනා කියලා..🤔
" මේරි අම්මේ..🥺"
යශ් ඒ ගෑණු කෙනාට කතා කරේ මේරි අම්මා කියලා..ඒත් කවුද මේ ගෑණු කෙනා..මුකුත් නොදන්න මන් ඒ දෙන්නගේ කතාවට ඇහුන්කන් දීගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා..
" මගේ කොල්ලා දැන් මාව බලන්න එන්නේ ම නැති තරම් නේද.."
" අනේ එහෙම නෑ මේරි අම්මේ..වැඩ ගොඩක් තිබුණා ගිය දවස් ටිකේම..ඒ නිසයි මට මෙහෙ එන්න බැරිවුනේ..🥺"
" මන් දන්නවනේ ඉතින් ඔයා ගැන.."
එහෙම කියලා ඒ ගෑණු කෙනා යශ්ගේ ඔලුව අත ගෑවේ හරිම ආදරෙන්..🥺
ඒ දෙන්නා අම්මයි පුතයි වගේ..ඒවගේම මේ වෙනකන් මන් දැක්කේ නැති යශ්ගේ ඒ අහිංසකකම මන් එවෙලේ හොඳටම දැක්කා..ඇත්තටම මන් හිතුවේ නෑ යශ් මේ තරම් හොඳ කෙනෙක් කියලා..🥺
" මේ ඉන්නේ අර පුතා මට කිව්ව ගෑණු ලමයද.."
ඒ ගෑණු කෙනා මන් දිහා බලලා එහෙම අහනකොට මන් බැලුවේ යශ් දිහා..
" ආ ඔව් මේරි අම්මේ..මේ ඉන්නේ එයා තමයි..😁"
" ඔයා තෝරගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම කෙනාව පුතේ..මට මේ කෙල්ලව දැකපු ගමන් ම ඒක හිතුනා..☺️"
එහෙම කියලා ඒ ගෑණු කෙනා මන් ගාවට ඇවිත් මගේ ඔළුවත් අතගාලා මට කිව්වේ..
" දුවට හම්බෙලා තියෙන්නේ හරිම කෙනා..මොකද මන් දන්නවා මගේ කොල්ලා ගැන.."
මන් මුකුත්ම නොකියා හිනාවෙලා ඒ ගෑණු කෙනා දිහා බලාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා..මන් කියලා මොනා කරන්නද ඉතින්..
" හරි පුතේ එහෙනම් දුවවත් එක්කගෙන කාමරේට යන්න..මන් ඔය දෙන්නට කාමරයක් ලෑස්ති කරලයි තියෙන්නේ..☺️"
" හරි මේරි අම්මේ.."
මන් මුකුත් නොකියා යශ්ගේ මූණ දිහා බලාගෙන හිටියේ මොකද්ද ඒ කතාව කියලා අහන්න වගේ..
අපි දෙන්නටම එක කාමරයක්..මොන පිස්සු කතාවක් ද යකෝ ඒ..මට නම් බෑ මේ යකත් එක්ක ඉන්න..කවුද දන්නේ මේ යකා මට මොනා කරයිද කියලා..😳😒
ටික වෙලාවකින් ඒ ගෑණු කෙනා එතනින් යන්න ගියා..ඒත් එක්කම එයා මාවත් ඇදගෙන ගියේ පඩිපෙළ ගාවට..ඒක දැක්කම නම් මගේ පපුවත් එක්ක මොකද්ද වෙලා ගියා..මොකද ඒ පඩිපෙල ඒ තරම් දිගයි..😒
යකෝ මේක නැගලා ඉවර වෙද්දි මගේ කකුල් දෙක නැතිවෙයි..😩මන් කොහොමද මෙච්චර දිග පඩිපෙළක් නගින්නෙ..😱
එහෙම හිත හිත ඉදලා මන් යශ්ට කිව්වේ..👇
" අනේ මට නම් බෑ මෙච්චර දිග පඩිපෙළක් නගින්න..මගේ කකුල් දෙක නැතිවෙයි මේක නැග්ගොත් එහෙම..😒"
*Yash Pov..*
කෙල්ල එහෙම කියනකොට මට කෙල්ල ගැන දුකත් හිතුනා..මන් දන්නවා කෙල්ලට මේ පඩිපෙළ නගින්න බෑ කියලා..මොකද ඒ තරමට මේ පඩිපෙළ දිගයි..තමුසෙත් ඉතින් බටු ඇටේ වගේනේ ඉතින් කොහෙද මේ වගේ පඩිපෙළක් නැගගන්නේ..🤭
💗💫💗💫💗💫💗💫
💗💫💗💫💗💫💗💫
මන් එහෙම කිව්වට පස්සේ එයා ලාවට හිනාවෙලා මට කිව්වේ..👇
" මහ ලොකුවට කට නම් තියනවා නේ සීයකට ගහන්න වගේ..ඒකට මොකද පඩිපෙළක් වත් නගින්න බෑ.. 🤭"
" අනේ මේ..මන් කිව්වේ නෑනේ මට පඩිපෙළක් නැගගන්න බෑ කියලා..මන් කිව්වේ මෙච්චර දිග පඩිපෙළක් මට නගින්න බෑ කියලා.."
මන් රවාගෙනම එහෙම කිව්වේ එයා මගේ දිහා නෝන්ඩියට වගේ බලාගෙන ඉන්න නිසා..
ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉදලා මේ යකා එකපාරටම මාව අත් දෙකන් උස්සගත්තේ මට හිතන්න වෙලාවක් නැතිවෙද්දි..😳
" එයි..මේ මොකද මේ.."
මන් එයාගේ මුණ දිහා බලලා එහෙම ඇහුවේ උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව..
" ඇයි දැන් තමුසෙට පඩිපෙළ නගින්න බෑ කිව්වේ..🤨"
" ආ ඔ..ඔව් ඉතින්..🙁"
" එහෙනම් මොනාද අහන්නේ..කටවහගෙන ඉන්නවා මන් තමුසෙව උඩට එක්කන් යනකම්.."
එහෙම කියලා එයා මාව උස්සගෙනම පඩිපෙළ නගින්න පටන් ගත්තා..
" කියනකන් හිටියේ බූරුවා.."
මන් රහසින් මුමුණලා වගේ එහෙම කියද්දි එකපාරටම එයා මගේ මූණ දිහා බැලුවේ රවාගෙන වගේ..
මන් කියපු එක මේ යාකාට ඇහුනාවත්ද..😳
" මොකද තමුසේ මන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ.."
" අනේ ඔව් ඔව් බලාගෙන ඉන්නම කෙනා නේ..😒"
" ඇයි තමුසේ එහෙම කිව්වේ..🤨"
" නෑ නිකන්.."
මන් මූණත් දෙක කරගෙන එයා දිහා බලලා එහෙම කියලා ආයෙත් අහක බලා ගත්තේ එයාට රවාගෙනමයි..😒
හිතේ ඇති මන් බයයි කියලා හුම්ම්..😩
ටික වෙලාවකින් එයා මාව උඩට එක්කගෙන ආවා..
ඒත් මේ යකා මාව බිමින් තියන්නේ නැතුව මාවත් උස්සගෙනම ඉස්සරහට ගියේ මන් එයා දිහා පුදුම වෙලා වගේ බලාගෙන ඉද්දි..
" දැන් මාව බිමින් තියන්න මට මේ ටික ඇවිදගෙන යන්න පුළුවන්.."
මන් එහෙම කිව්වත් මේ මනුස්සයා මුකුත්ම නොකියා මාව අරගෙන ගියේ කාමරේකට..
කාමරේට ගියාට පස්සේ මාව බිමින් තියලා එයා කිව්වේ..👇
" මොනවා නැතත් නෝනගේ කට නම් තියනවා සියකට ගහන්න වගේ..😒"
" ඔව් තියනවා තමයි ඇයි.."
මන් එහෙම කියනවත් එක්කම එයා මගේ ලඟට ඇවිල්ලා එයා මට කිව්වේ..👇
" සුදු නෝනගේ සැර ටිකක් අඩු කරගත්තා නම් හොදයි නේද ම්ම්.."
මන් මුකුත්ම නොකියා එයා දිහා බලාගෙන හිටියේ ඒ නපුරු ඇස් දැක්කම බය හිතුන නිසා..🥺
එයා හිමින්සැරේ මගේ තොල් වලට ලංවෙලා කිව්වේ..👇
" ඇයි දැන් කට වැහිලද ම්ම්.."
දැනුණ බයත් එක්කම මන් ගොත ගගහා එයාට කිව්වේ..😐
"නෑ..නෑ මේ.."
මන් එහෙම කියද්දී කට කොනින් හිනාවුන එයා තව ටිකක් මගේ තොල් වලට ලංවුනේ මගේ බය දෙගුණ තෙගුණ වෙද්දි..
එකපාරටම එයා මගේ තොල් වලට බරවුනේ මට කර කියා ගන්න දෙයක් නැති වෙද්දි..💋😳
කොච්චර උත්සහ කරත් එයාගේ දරදඬු ඇගත් එක්ක මට හැරෙන්න වත් බෑ..
එයා මගේ තොල් වලට බරවෙලා මගේ අත් දෙකත් අල්ලගෙන එහෙන්ම මාව බිත්තියට හේත්තු කරගත්තේ මට හෙලවෙන්නවත් බැරිවෙන විදිහට..💋💋
මට දැනුනේ එයාගේ තොල් වල පහසට මාව ටිකින් ටික මත්වෙනවා වගේ කියලා..💋😳ඒ නිසාම මන් එයාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා මාව තදකරලා අල්ලගෙන හිටපු නිසා මට හෙලවෙන්නවත් බැරිවුනා..
සෑහෙන වෙලාවක් මගේ තොල් එක්ක දගකරපු එයා මගේ මූණට ලංවෙලා කිව්වේ..👇💋
" සොරි මගේ මැණික..මට මාවම කන්ට්‍රොල් කරගන්න බැරිවුණා..🥺"
ඇස් වල කදුළුත් පුරවගෙන එයාව එහාට තල්ලු කරලා මන් කිව්වේ..👇
" එන්න එපා මගේ ලඟට..ආයේ මාත් එක්ක කතා කරන්නවත් එන්න එපා.."
" මන් හිතුවේ නෑ ඇත්තටම මේ වගේ දෙයක් වෙයි කියලා..අනේ මට සමාවෙන්න මැණික..🥺"
" මෙතනින් යන්න.."
ඇස්වලින් වැටෙන කදුළුත් පිහදනගමන් මන් එයාට කිව්වේ එහෙම..👇
💗💫💗💫💗💫💗💫
💗💫💗💫💗💫💗💫
අයියෝ මොකද්ද මන් ඒ කරේ..ශිට් යකෝ..උබට මොකද එකපාරටම වුණේ යශ්..පව් කෙල්ල හොදටම බය වෙලාද කොහෙද..
මන් මටම බැන ගත්තේ කරපු වැරැද්ද ගැන හිතලා..
අනේ මොකද්ද දෙයියනේ දැන් කරන්නේ..කෙල්ලගේ ඇස් වල කදුළුත් පිරිලා..මෙතනින් යනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ..අඩුම තරමේ මන් ගියාට පස්සෙවත් කෙල්ල ටිකක් සන්සුන් වෙයිනේ..🥺
එහෙම හිතලා මන් එවෙලේම කාමරෙන් එලියට ගියේ මට වෙන කරන්න දෙයක් නැති නිසා..
*✨පැය කිහිපයකට පසු..✨*
මන් ඇදට වෙලා ඉදගෙන කල්පනා කර කර හිටියේ සිද්ධ වුණ දේ ගැන..මොකද මීට කලින් කවදාවත් මාව එහෙම කොල්ලෙක් කිස් කරලා නෑ..
ඒත් එක සැරේම මට ඇහුනේ යශ්ගේ කටහඩ..
ඒත් එක්කම කාමරේ දොර ඇරගෙන ආවේ යශ්ගේ යාළුවා මහේෂ්..ඒත් එයා ආවේ යශ්ව එයාගේ ඇගට වාරු කරගෙන..
මන් හිතන්නේ යශ් හොදටම බීලා..එයාට කෙලින් හිටගෙන ඉන්නවත් පන නෑ. ඒ තරමට එයා බීලා..🥺
" අනේ නංගි මට පොඩ්ඩක් උදව් කරන්නකො මූව ඇදෙන් හාන්සි කරන්න.."
මහේෂ් අයියා එහෙම කිව්වට පස්සේ මන් එයා ගාවට ගියේ යශ්ව ඇදේ හාන්සි කරන්න එයාට ටිකක් උදව් කරන්න කියලා..මොකද මට දුක හිතුනා ය ඉන්න විදිහ දැක්කම..
කොහොම හරි අපි දෙන්නම එයාව ඇගට වාරු කරගෙන ඇවිත් ඇදෙන් හාන්සි කරේ යශ්ට හරියට සිහියවත් තිබුණේ නැති නිසා..
මන් එයා දිහා බලාගෙන ඉද්දී මහේෂ් අයියා මට කිව්වේ..👇
" අනේ නංගි වෙච්ච දේට සමාවෙන්න..මූ අද මෙහෙම බිව්වෙත් නංගීට කරපු වැරැද්ද නිසා.."
" දැන් වෙච්ච දේ වෙලා ඉවරනේ අයියේ.."
" යශ් කියන්නේ එහෙම නරක මනුස්සයෙක් නෙවෙයි නංගි..මොකද පොඩි කාලේ ඉදලම මන් ඌ ගැන දන්නවා..මන් දන්න තරමින් මූ මේ වෙනකන් කෙල්ලෙක්ට කිසිම වැරැද්දක් කරලා නෑ..මූ එහෙම එකෙක් නෙමේ නංගි.."
" අනික මූ ආදරේ කරන පළවෙනි කෙල්ල තමයි ඔයා..මේ වෙනකම් මූ එක කෙල්ලෙක් එක්කවත් යාළු වෙලා නෑ.."
" මොකක්..ඔය ඇත්තමද අයියේ..🥺"
" ඔව් නංගි..නංගිව දැකපු දවසෙම මූ මට කිව්වා මට ඕනි ඒ කෙල්ල විතරමයි කියලා..මොකද ඌ නංගිට පන වගේ ආදරෙයි..එදා නංගීට අර පාරේ යන එකෙක් කරදර කරන්න හැදුවා කිව්වම මූට හොදටම තරහා ගියා..ඌ දැන් ජීවතුන් අතර නෑ..යශ් ඌට ඒ වගේ දෙයක් කරේ නංගි නිසා..නංගීට කරදරයක් වෙනවට කැමති නැති නිසා..ඒ නිසාමයි නංගීව මෙහෙට එක්කගෙන ආවෙත්.. "
" අනේ මට මේ මුකුත් හිතාගන්න බෑ..ඇත්තටම මෙයා මේ තරම් මට ආදරේ කරනවද..🥺"
" ඔව් නංගි ඔයා හිතනවටත් වඩා මූ ඔයාට ආදරෙයි.."
ඇස්වලට කදුළුත් පිරුණේ මහේෂ් අයියා කියපු දේවල් වලට..🥹
" මන් දැන් යන්නම් නංගි..මූව පොඩ්ඩක් බලාගන්න.."
" හරි අයියේ.."
මහේෂ් අයියා ගියාට පස්සේ මන් ගියේ ඇදගාවට..යශ් ඉන්න විදිහ දැක්කම මගේ හිතට ලොකු දුකක් දැනුනේ මන් නිසානේ මෙයා මේ විදිහට සිහියක් පතක්වත් නැතුව ඉන්නේ කියලා හිතලා..
ඔන්න ළමයි නේ ඊළගට මොනවා වෙයිද.. අසිනි යශ්ට කැමති වෙයිද..🙃කතාව ගැන ඔයාලගේ අදහස මට කමෙන්ට් එකක් දාන්න ළමයි..කතාව හොඳයිද නැද්ද කියලවත්.. රියැක්ට් කරන්න පැටව්නේ මතක් කරලා..🥺ආදරෙයි..💗
074 040 6877
*WRITER DULI✨*

❤️
♥
❤
✨
💞
😂
😘
🩷
🫶
47