Story නිම්නය....✍️❤️📖
Story නිම්නය....✍️❤️📖
June 21, 2025 at 02:23 AM
මගෙ හුස්ම නුඹයි🕊️♥✨ ~episode 8~ *🚫කතෘ අයිතිය සුරකින්න* අද මං කලින්ම නිදා ගන්න ඇදට ආවේ වෙනදට නැති අමුත්තක් දැනුන නිසා. "මිනූ දුව.. මිනූ.. අනේ මාව බේරගන්න දරුවෝ.." " නදූ මිස්.. මිස්..මොකද උනෙ.. " " අම්මාහ්.." මං හයියෙන් කෑගහගෙන ඇදෙන්ම ඉදගත්තා. දැකලා තියෙන්නෙ නම් හීනයක්. " දොණී.. මොකද ළමයො උනේ.. ඇයි මෙ කෑගහන්නෙ.." " අම්මා.. අම්මා..නදූ මිස්... මි..ස්.." " ඇයි ලමයො මේ..හීනෙන් බය උනාද.." " ඔව් අම්මා.. මං හීනෙන් නදුනි මිස්ව දැක්කා.." " නදුනි මිස් කියන්නෙ ඔයලගෙ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් නේද.." "ඔව් අම්මා..එයා මට ගොඩක් ආදරෙයි..එයා දැන් කොහෙ ඉන්නවද දන්නැ..මට හොයාගන්න ඔනී එයාව..අම්මේ මම දැක්කෙ කවුදෝ කටිටියක් එයාව මරන්න පන්නනවා..මට බයයි අම්මෙ.." " හරි දැන් බය නොවී නිදා ගන්නකො..හෙට උදේට පන්සලට යමු අපි..දැන් නිදා ගන්න.." මං අනිත් පැත්ත හැරිලා ආයෙත් නිදා ගත්තා. නදුනි මිස් කියන්නෙ මං ගියපු කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක්. එයා මට මාර විදිහට ආදරෙයි. එයා මාව ගෙදරට ගෙන්නගෙන හිටන් උගන්නලා තියෙනවා. එයා නිසා තමා මං මෙච්චර හොදින් ඉගෙන ගත්තෙ.කැම්පස් අවුට් උනාට පස්සෙ මං එයාව හෙව්වා. හැබැයි එයාලා ගෙවල් මාරු කරලා ගිහින්. මං උදේම නැගිටලා සුදු දිග ගවුමකුත් ඇදගෙන ලැහැස්ති උනේ පන්සල් යන්න. " අම්මා..මං නම් ලැහැස්ති..කෝ ඔයා.." මං පහළට යද්දි සාලේ හිටියෙ රියා. "රියා..ඔයා මොකො මෙහෙ.." "ඇයි අපිට එන්න හොද නැද්ද..මාව කපලා අම්මායි දුවයි පන්සල් යන්න නේද හැදුවේ..ඒවා කොහෙද මං ඉන්නකල්.." දෙන්නාටම හිනා ඉතින්. " දෝණි ඔයා රියා දුවත් එක්ක පන්සලට යන්න..මට හදිස්සියේම හපුතලේ යන්න වෙනවා..අත්තම්මාට සනීප නෑ කියලා නැන්දි කෝල් කලා.." " අනෙහ්..හරි අම්මා එහෙනම් ඔයා යන්න..මං රියා එක්ක යන්නම්.." "පරිස්සමෙන් යන්න දෙන්නම..ගිහින් කෝල් එකක් දෙන්නකො.." "හරි අම්මා ඔයත් පරිස්සමෙන් යන්න ආ.." මං රියාවත් එක්කගෙන පන්සලට ගියා. ඇත්තටම මාරම සැහැල්ලුවක් හිතට දැනුනෙ. හරිම නිදහස්. ඉතින් ඔහොම ටික වෙලාවක් පන්සලේ ඉදලා යන්න හදද්දිම දැක්ක රූපෙන් මං තිගැස්සිලා බලන් හිටියා. " මෙයා මොකද මෙහෙ කරන්නෙ.." "කවුද බන් එ..මොනා උනත් පට්ට හැන්ඩියා ඈ.." "අනෙ මේ කටවහන් හිටපන්.." " අන්න ඌ උබව දැක්කා..මේ පැත්තට එනවා නෙද.." "එයා ගැන තමා මං උබට කිව්වේ..කම්පැණි එකේ බොස් කියලා.." " අහ් මිනුදි.. ඔයා මොකද මෙහෙ.." " මට එන්න හොද නැද්ද.." " මං එහෙම කිවේ නෑනෙ..පන්සලෙත් රන්ඩු වෙන්නද හදන්නෙ.." "දකින දකින තැන ඔයත් එක්ක රන්ඩු වෙන්න පිස්සු නෑ මට.." "අනෙ මංදා මිනූ ඔයා නම්..වෙච්චි දේට සමාව අරගෙනවත් සමාව දෙන්නෙ නෑ.." "ඔයාට.." මට මොකුත් කියන්න හම්බුනේ නැහැ එතනට ආපු කෙනාව දැක්කාට පස්සෙ මම කම්පියුස් උනා. "ඔයාහ්..මෙහෙ.." ama girl ✍️🌺 කවුද ඒ එන්න ඇත්තෙ🌝කියන් යන්න අනෙ😒
Image from Story නිම්නය....✍️❤️📖: මගෙ හුස්ම නුඹයි🕊️♥✨  ~episode 8~  *🚫කතෘ අයිතිය සුරකින්න*  අද මං කලින...
❤️ 👍 💞 33

Comments