
Story නිම්නය....✍️❤️📖
June 22, 2025 at 05:14 AM
*🥀_______🌻*
*යාලුවෙක් විතරද ඔයා🌻💛*
"`ලොව සුන්දරම ප්‍රේමය ඒකපාර්ශ්වික ප්‍රේමය කීවට ඔය කියන තරම් සුන්දරද?`"
*"13 Episode"*
"ආ පුතේ...මන් ටවුමට ආවා...ඔයා නිදිනේ මන් ඇහැරෙව්වේ නෑ...දැන් ද නැගිට්ටේ"
"ඔවු අම්මේ...ප්‍රශ්නයක් තියෙනවා...දෙනුවන්ලගේ අම්මා නැති වෙලා...ප්‍රතී තමා කෝල් කරලා කිවුවෙ...එයා කිවුවා තව ටිකකින් එන්නම් කියලා මාව ගන්න...මන් යන්නම් අම්මේ"නිම්නා දෙගිඩියාවෙන් වගේ කතා කලේ අම්මා මොනවා කියයිද කියලා දැනගන්න...
"අනේ...පවු දෙනුවන් පුතා...ඔයා යන්න පුතේ...මන් දැන්ම ගෙදර එන්නම්..මන් එනකන් හිටියොත් පරක්කු වෙයි...එහෙනම් පරිස්සමට යන්න චූටි මැනිකේ...මාත් ගෙදර ආපු ගමන් එන්නම්..බුදු සරණයි..."
"හරි අම්මේ...අම්මටත් බුදු සරණයි...පරිස්සමෙන් එන්න"එහෙම කියලා කෝල් එක කට් කරපු නිම්නා ගිහින් ගෙදර දොර ඇරියේ අම්මා ඒවත් වහලා ගිහින් නිසා...
එලියට ඇවිල්ලා ආයේ දොර වැහුවා...වහලා ගේට්ටුව ලගට ගිහින් හිටියේ ප්‍රතිභා එනකන්...ටික වෙලාවක් ගියාට පස්සේ ප්‍රතිභා එයාගෙ බයික් එකේ ආවා...
"ඉක්මනට නගින්න නිම්නා"ප්‍රතිභා කලබලෙන් එහෙම කියනකොට , නිම්නාත් ගේට්ටුව වහලා ඉක්මනට බයික් එකට නැග්ගා...
අද මේ දෙන්නා පලවෙනි පාරට තමා මේ බයික් එකක යන්නෙ....දෙන්නගෙම හිතට මහ අමුතු කියාගන්න බැරි හැගීමක් ආවා...ඒකත් හංගගෙන දෙන්නා දෙනුවන්ලගේ ගෙදරට ගියා...දෙන්නම බැහැලා ගියේ සාලෙට...මිනිස්සු පිරිලා ගේ වටේට...හැබැයි තාම දෙනුවන්ගේ අම්මගේ බොඩි එක නම් ගෙනත් තිබ්බෙ නෑ...දෙනුවන් ගෙදර හිටියෙත් නෑ..එයත් හිටියේ මල් ශාලාවේ...
"නිම්නා...මාත් දැන් යනවා දෙනුවන්ව බලන්න...තනියම වැඩ ටික කරගන්නවද දන්නැ...මේ විශ්මි එහෙම ඇති කුස්සියේ...ඒ පැත්තට යන්න...තනියම ඉන්න එපා..."ප්‍රතිභා නිම්නාට දෙන්න තියන උපදෙස් ටික ඔක්කොම දීලා යන්න ලෑස්ති වුනා..
"පරිස්සමෙන් ගිහින් එන්න ප්‍රතී...දෙනුවන් ගැන චුට්ටක් බලන්න...පවු"නිම්නා එසේ කියා කුස්සියට ගියේ තම යෙහෙළියන් සොයාගෙනයි...
ප්‍රතිභාත් බයික් එක ස්ටාර්ට් කරන් මල් ශාලාවට ගියා...
"ආ...උබ විතරයි අඩු වුනේ නිමා"රශ්මි කිවුවෙ නිම්නාගේ දෙස බලාය...
නිම්නා අමාරුවෙන් සිනහවක් මුවගට ගෙන එයට සිනා සුනා..
"කෝ රශු විශ්මි..."නිම්නා වටපිට බල බල ඇසුවේ විශ්මි පේන්නට හිටියේ නැති නිසා...
"ආ ඒකි...කාමරේ බන්...තනියම ඉන්න ඕන කියලා මැරෙන්න හැදුවා...මන් ආවා ඒ නිසා...චුට්ටක් හිත හරි හදාගයි නේ"රශ්මි කිවුවෙ විශ්මි ගැන මතක් වෙලා විශ්මි පවු කියලා හිතෙද්දි...
"මන් චුට්ටක් බලලා එන්නම්.."නිම්නා රශ්මිට කියලා ගියේ විශ්මිව බලන්න...
නිම්නා ගිහින් දෙනුවන්ගේ කාමරේ දොර ඇරියේ විශ්මි ඒකේ ඇති කියලා හිතලා...හිතුවා වගේම විශ්මි ඇද උඩට වෙලා කල්පනා කරනවා...ඒ ගමන්ම ඇස් වලින් කදුලු පල්ලම් බහිනවා...විශ්මිට ගානක්වත් නෑ නිම්නා ආවා කියලා ..
"විශු..මැනික...චුට්ටක් අඩන්නෙ නැතුව ඉන්න මැනික...මන් දන්නවා අඩන්න එපා කිවුවට අඩන්නෙ නැතුව ඉන්න බෑ කියලා...ම් හිත හැදෙනකන් අඩහව් මැනික..."කියලා නිම්නා විශ්මිව තමන්ගේ පපුවට තුරුලු කර ගත්තා....
විශ්මිත් හිත හැදෙනකම් ඇඩුවා...
...
"අඩෝ දනුෂ්ක...මේ අර දෙනුවනාගේ අම්මා නැති වෙලාලු බන්...යන්න වෙයි නේ ඒ පැත්තෙ..."ශේන් කිවුවෙ දනුෂ්කගේ මූන දිහා බලන්...
"අයියෝ බන්...මට අද වැඩක් තියෙනවා...කමක් නෑ ගිහින් එමු..."දනුෂ්ක මුල් ටික මූන බෙරි කරන් කිවුවත් අන්තිම ටික කිවුවෙ දෙයක් මතක් වෙලා...
"උබට වැඩක් නම් උබ ඒක කරගනින්...වැඩේ ඉවර වුනාට පස්සේ ඒ පැත්තෙ වරෙන්.."ශේන් කිවුවෙ මලගෙදර යනවට වැඩිය දනුෂ්කගේ වැඩේ වැදගත් ඇති කියලා හිතලා...
"නෑ නෑ මචන්...වැඩේ පස්සේ කරගමු...ඉස්සෙල්ලා දෙනුවගේ ගෙදර යමු..."දනුෂ්ක කිවුවෙ ස්ථීර හඩකින්...
දෙන්නත් එක්ක දෙනුවන්ලගේ ගෙදරට එන්න පිටත් වුනා...
...
"දෙනුවන්...මචන්...උබ ඔහොම අඩලා හරියන්නේ නෑ මචං...උබේ අම්මා කැමතිද උබ අඩනවට.. නෑනේ..අම්මා කොහෙ හරි ඉදන් උබ දිහා බලන් ඇති ....ම්..."ප්‍රතිභා එහෙම කියලා දෙනුවන්ගේ හිත සැනසුවේ ඒ කොල්ලා පවු නිසා...
මේ අතරේ දෙනුවන් ගේ පෝන් එකට කෝල් එකක් ආවේ අම්මා නවත්තලා හිටපු hospital එකෙන්
"හලෝ...පුතා...අපි අතින් වැරදීමක් වෙලා තියෙනවා...පුතා ගෙනත් තියෙන්නෙ පුතාගේ අම්මගේ බොඩි එක නෙවෙයි...වෙන ගෑනු කෙනෙක්ගේ...අපිටත් පැටලිලා තියෙන්නෙ දෙන්නගෙම මූනු එක වගේ නිසා...අනිත් කාරනේ තමා පුතාගේ අම්මා තාම ජීවත් වෙනවා...පුතා ඔය බොඩි එකට අයිතිකාරයෙක් තාම ආවේ නෑ...ඔය පේශන්ට්ව භාර දීලා තියෙන කෙනත් දැන් ජීවතුන් අතර නෑ...පුතා ඔය බොඩි එක හොස්පිටල් එකට ගෙනත් දෙන්න..."
"හරි ඩොක්ට"දෙනුවන්ට එක අතකින් සතුටුයි අම්මා ජීවත් වෙනවා කිවු නිසා...ඒත් අම්මගෙ රූපෙට ගොඩක් සමාන මෙ මැරිලා ඉන්න කෙනා කවුද කියන ප්‍රශ්නෙ දෙනුවන්ගේ හිතේ හොල්මන් කරා....
🖇️🚫🖇️🚫🖇️🚫🖇️🚫🖇️🚫🖇️🚫
`කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❗`
Me-Blueare🔮🛵
Contact-071 066 73 50 hi

❤️
♥
❤
😮
🩷
🫠
29