
❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ - කැදැල්ල ❞📍✨
June 18, 2025 at 06:11 PM
*🍃 Sinhala short notes 🍃*
*තද්ධිත නාම*
*I කොටස*
*♦️"ඉක" ප්‍රත්‍යය*
> අයත් වූයේ යන අර්ථය
🔅දින + ඉක = දෛනික
🔅නීති + ඉක = නෛතික
🔅භූමි + ඉක = භෞමික
*♦️"ඉ" ප්‍රත්‍යය*
> නියත වූයේ / නිරත වූයේ / ඉන්නවා / සිටිනවා යන අර්ථය
🔅ගම් + ඉ = ගැමි
🔅තොට + ඉ = තොටි
🔅නැව් + ඉ = නැවි
*♦️"මුවා/මය" ප්‍රත්‍යය*
> එයින් කරන ලද්දේ යන අදහස
🔅රන් + මුවා = රන්මුවා
🔅දැව + මය = දැවමය
🔅රජත + මය = රජතමය
*♦️"වත් / මත්" ප්‍රත්‍ය*
> ඇත්තේ යන අර්ථය
🔅ගුන + වත් = ගුනවත්
🔅ආලෝක + වත් = ආලෝකවත්
🔅බල + වත් = බලවත්
_🌟නාම මූලයේ අග ස්වර ශබ්දය "අ", "ආ" නම් "වත්" ප්‍රත්‍යය යෙදේ._
_🌟 නාම මූලයේ අග ස්වර ශබ්දය "ඉ", "ඊ", "උ", "ඌ" නම් "මත්" ප්‍රත්‍යය යෙදේ._
🔅බුද්ධි + මත් = බුද්ධිමත්
🔅ඉසුරු + මත් = ඉසුරුමත්
🔅බී + මත් = බීමත්
*♦️"තර / තම" ප්‍රත්‍යය*
> "තර" = වැඩි යන අර්ථය
🔅ප්‍රිය + තර = ප්‍රියතර
🔅දක්ෂ + තර = දක්ෂතර
🔅සොඳුරු + තර = සොඳුරුතර
> "තම" = සියල්ලටම වඩා වැඩි යන අර්ථය
🔅ප්‍රිය + තම = ප්‍රියතම
🔅දක්ෂ + තම = දක්ෂතම
🔅සොඳුරු + තම = සොඳුරුතම
*♦️"ඉති" ප්‍රත්‍යය*
> ස්වල්පාර්තය ටිකක් යන අර්ථය
🔅දිය + ඉති = දියති
🔅කැඳ + ඉති = කැඳිති
🔅පැන් + ඉති = පැනිති
*♦️"අටි" ප්‍රත්‍යය*
> ප්‍රදේශාර්ථය (පැත්ත යන අර්ථය)
🔅කර + අටි = කරටි
🔅ඉඟ + අටි = ඉඟටි
🔅පා + අටි = පහටි
> එයට හුරු වූයේ යන අර්ථය
🔅දිග + අටි = දිගැටි
🔅මොලොක් + අටි = මොලකැටි
*♦️"අටු" ප්‍රත්‍යය*
> බහුල අර්ථය
🔅හර + අටු = හරටු > අරටු
🔅කැස + අටු =කැසටු
*♦️"අත් / අස්" ප්‍රත්‍යය*
> එයම වූයේ යන අර්ථය
🔅සවන + අත් = සවනත්
🔅කොපුල + අත් = කොපුලත්
🔅වරල + අස් = වරලස්
🔅සිසිල + අස් = සිසිලස්
*♦️"බ" ප්‍රත්‍යය*
> ප්‍රදේශාර්ථය
🔅ඒ + බ = එබ (ඒ පැත්ත)
🔅මේ + බ = මෙබ (මේ පැත්ත)
🔅එබ මෙබ > ඔබ මොබ
_ඉතිරිය II කොටසින් ✨_
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
😢
1