❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ   - කැදැල්ල ❞📍✨
❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ - කැදැල්ල ❞📍✨
June 18, 2025 at 06:11 PM
*🍃 Sinhala short notes 🍃* *තද්ධිත නාම* *II කොටස* *♦️"තා" ප්‍රත්‍යය* > ඇත්තේ යන අර්ථය 🔅දක්ෂ + තා = දක්ෂතා 🔅කුසල + තා = කුසලතා 🔅අවශ්‍ය + තා = අවශ්‍යතා *♦️"ආණ, අණි, අණු" ප්‍රත්‍යය* > ගෞරවාර්ථය 🔅පිය + ආණ = පියාණ 🔅මල + අණු = මලණු 🔅මා + අණි = මෑණි *♦️"උ" ප්‍රත්‍යය* > එයම වූයේ යන අර්ථය 🔅නෙත් + උ = නෙතු 🔅සිත් + උ = සිතු 🔅බිත් + උ = බිතු *♦️"අළ" ප්‍රත්‍යය* > ප්‍රදේශාර්ථය 🔅ඉහ + අළ = ඉහළ 🔅පා + අළ = පහළ *♦️"ආ" ප්‍රත්‍යය* > භාවාර්ථය 🔅හැකි + ආ = හැකියා 🔅නිහඬ + ආ = නිහැඩියා *♦️"උතු" ප්‍රත්‍යය* > එකට බැඳුනු යන අර්ථය 🔅ඈද + උතු = ඈදුතු *♦️"ඉෂ්ඨ" ප්‍රත්‍යය* > ඒ හා බැඳුණු අර්ථය 🔅ජ්‍ය + ඉෂ්ඨ = ජ්‍යෙෂ්ඨ 🔅කනි + ඉෂ්ඨ = කනිෂ්ඨ *♦️"ඊය" ප්‍රත්‍යය* > එයට අයත් වූයේ යන අර්ථය 🔅විද්‍යාල + ඊය = විද්‍යාලයීය 🔅කාර්යාල + ඊය = කාර්යාලයීය 🔅සමාජ + ඊය = සමාජයීය *♦️"නු" ප්‍රත්‍යය* > රටක් ජාතියක් හා බැඳුණු අර්ථය 🔅ඉන්දියා + නු = ඉන්දියානු 🔅ඇමරිකා + නු = ඇමරිකානු 🔅බොදු + නු = බොදුනු *♦️"තන" ප්‍රත්‍යය* > එයට අයත් වූයේ යන අර්ථය 🔅අධ්‍ය + තන = අධ්‍යතන 🔅මධ්‍ය + තන = මධ්‍යතන _ඉතිරිය III කොටසින් ✨_ 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️ Created by, *_αdmín_ѕαrαnчα 🍂_ #sinhala Short Notes*🍃 Sinhala short notes 🍃* *තද්ධිත නාම* *I කොටස* *♦️"ඉක" ප්‍රත්‍යය* > අයත් වූයේ යන අර්ථය 🔅දින + ඉක = දෛනික 🔅නීති + ඉක = නෛතික 🔅භූමි + ඉක = භෞමික *♦️"ඉ" ප්‍රත්‍යය* > නියත වූයේ / නිරත වූයේ / ඉන්නවා / සිටිනවා යන අර්ථය 🔅ගම් + ඉ = ගැමි 🔅තොට + ඉ = තොටි 🔅නැව් + ඉ = නැවි *♦️"මුවා/මය" ප්‍රත්‍යය* > එයින් කරන ලද්දේ යන අදහස 🔅රන් + මුවා = රන්මුවා 🔅දැව + මය = දැවමය 🔅රජත + මය = රජතමය *♦️"වත් / මත්" ප්‍රත්‍ය* > ඇත්තේ යන අර්ථය 🔅ගුන + වත් = ගුනවත් 🔅ආලෝක + වත් = ආලෝකවත් 🔅බල + වත් = බලවත් _🌟නාම මූලයේ අග ස්වර ශබ්දය "අ", "ආ" නම් "වත්" ප්‍රත්‍යය යෙදේ._ _🌟 නාම මූලයේ අග ස්වර ශබ්දය "ඉ", "ඊ", "උ", "ඌ" නම් "මත්" ප්‍රත්‍යය යෙදේ._ 🔅බුද්ධි + මත් = බුද්ධිමත් 🔅ඉසුරු + මත් = ඉසුරුමත් 🔅බී + මත් = බීමත් *♦️"තර / තම" ප්‍රත්‍යය* > "තර" = වැඩි යන අර්ථය 🔅ප්‍රිය + තර = ප්‍රියතර 🔅දක්ෂ + තර = දක්ෂතර 🔅සොඳුරු + තර = සොඳුරුතර > "තම" = සියල්ලටම වඩා වැඩි යන අර්ථය 🔅ප්‍රිය + තම = ප්‍රියතම 🔅දක්ෂ + තම = දක්ෂතම 🔅සොඳුරු + තම = සොඳුරුතම *♦️"ඉති" ප්‍රත්‍යය* > ස්වල්පාර්තය ටිකක් යන අර්ථය 🔅දිය + ඉති = දියති 🔅කැඳ + ඉති = කැඳිති 🔅පැන් + ඉති = පැනිති *♦️"අටි" ප්‍රත්‍යය* > ප්‍රදේශාර්ථය (පැත්ත යන අර්ථය) 🔅කර + අටි = කරටි 🔅ඉඟ + අටි = ඉඟටි 🔅පා + අටි = පහටි > එයට හුරු වූයේ යන අර්ථය 🔅දිග + අටි = දිගැටි 🔅මොලොක් + අටි = මොලකැටි *♦️"අටු" ප්‍රත්‍යය* > බහුල අර්ථය 🔅හර + අටු = හරටු > අරටු 🔅කැස + අටු =කැසටු *♦️"අත් / අස්" ප්‍රත්‍යය* > එයම වූයේ යන අර්ථය 🔅සවන + අත් = සවනත් 🔅කොපුල + අත් = කොපුලත් 🔅වරල + අස් = වරලස් 🔅සිසිල + අස් = සිසිලස් *♦️"බ" ප්‍රත්‍යය* > ප්‍රදේශාර්ථය 🔅ඒ + බ = එබ (ඒ පැත්ත) 🔅මේ + බ = මෙබ (මේ පැත්ත) 🔅එබ මෙබ > ඔබ මොබ _ඉතිරිය II කොටසින් ✨_ 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
❤️ 1

Comments